සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුල්වූ සිසුන්ව පලවා හරියි..

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වටලා. සිටි සරසවි සිසුන් බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් පළවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය.

කොළඹ ලිප්ටන් වටරමේ විරෝධතාවයේ නිතර වූ පිරිස පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගමන් කළහ අනතුරුව සිසුහු අමාත්‍යාංශ ප්‍රධාන ගොඩනැගිල්ල තුළට ද ඇතුළුවී එහි අභ්‍යන්තරයේ විරෝධතාවක නිරත වූහ.

එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය හා සිසුන් අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් අමාත්‍යාංශයේ දේපළ වලටද හානි ඇතිව තිබේ. පසුව කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරමින් සරසවි සිසුන් පිරිස කොළඹ නගර සභා සීමාව තෙක් විසුරුවා හැරිමටද කටයුතු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top