ප්‍රදේශයේ මාර්ග අලුත් වැඩියා කර දෙන්න – අල්ලයිපිටිය ජනතාවගෙන් ඉල්ලීමක්..

14627719_1836900433210274_1563021296_nයාපනය අල්ලයිපිටිය ප්‍රදේශවාසීන් තම ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියා කර දෙන්නැයි ඉල්ලා තිබේ. මේ සම්බන්‍ධයෙන් ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ…

යුද්දය හේතුවෙන් අවතැන්ව ගොස් බොහෝ කලකට පසු නැවත පදිංචිය පැමිණ සිටින්නෙමු. දැන් බොහෝ ප්‍රදේශවල නිවාස ව්‍යාපෘති මඟින් නිවාස ලබාදී ජනතාව නැවැත පදිංචි වෙමින් සිටිනවා. ජනතාව තම ජීවනෝපාය සඳහා මසුන් මැරීම, කුලී රැකියා සහ ගොවිතැන් කටයුතුවල නිරතවන නමුත් ක්‍රමක් ක්‍රමයෙන් ෙයථා තත්වයට පැමිණෙන මෙම ප්‍රදේශයේ මාර්ග අලුත්වැඩියා නොකිරීමෙන් දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුව තිබේ.

ප්‍රදේශයේ මාර්ග අබලන් වීම හේතුවෙන් වාහන ගමනා ගමනය අඩාලවී ජනතාව දැඩි අපහසුවට ලක්ව සිටින හෙයින් වාහන ගමන් කිරීමට නොහැකි ලෙස අබලන් වූ මාර්ග සියල්ල වාහන ගමන් කළ හැකි මට්ටමට අලුත්වැඩියා කර දෙන්නැයි ප්‍රදේශවාසීන් ඉල්ලා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top