අධ්‍යාපන ඇමැති පත්කර නැහැ – උතුරු පළාත් මහ ඇමැති

උතුරු පළාත් අධ්‍යාපන ඇමැතිවරයෙකු පත්කර ඇතැයි පළවූ පුවත උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රතික්‍ෂේප කර තිබේ. මාධ්‍යවේදියකු විසින් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

මෙහි කිසිඳු සත්‍යතාවයක් නොමැත, පත්කළ යුත්තේ කව්රුන්දැයි තමන් විසින් තීරණය නොකළ බවත්, පත්වීම් සිදුකළ යුත්තේ මහ ඇමැතිවරයා විසින් බවද හෙතෙම පවසා සිටියේය.

යුද්දයෙන් පසු කාලයේ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවලට අනුව (Needs and Priorities) නිසි ක්‍රිමවේදයන්ද, ක්‍රියාමාර්ගවලට අනුව සුදුසු කාලයේදී අදාල පත්වීම් තමන් විසින් සිදුකරනු ලැබේ. දැනට ධූරයෙන් ඉවත්වූ අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශවල වැඩ කටයුතු සොයා බලන්නේ තමන් විසින් බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top