ලංකා විදුලි සේවක සංගමයෙන් වර්ජනයකට රතු එළියක්..

ඉතා නුදුරේදීම වැඩවර්ජනයකට අවතීර්ණ වන බව ලංකා විදුලි සේවක සංගමයේ අනතුරු අගවා සිටියි. තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණ විසදුමක් ලැබී නොමැති බවත් ලබන අගෝස්තු මස 04 වන දිනට ඒ සම්බන්ධයෙන් ප්‍රථම යහපත් ප්‍රතිචාරයක් නොලදහොත් පැය 48 ක වර්ජනයක නිරත වන බව ලංකා විදුලි සේවක සංගමය අවධාරණය කර සිටියි.

ඊයේ (28) කොළඹ දී පවත්වන ලද ජාතික මහා සමුළුවේදී මේ බව සදහන් කර සිටියේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා විසිනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top