SRILANKAN NEWS

නායයෑමෙන් විපතට පත්වූ පවුල් 525කට නිවාස ඉදිකිරීමට පියවර -පලනි දිගාම්බරම්

පසුගිය මාසයේ රටතුල ඇතිවූ නායයෑම හේතුවෙන් විපතට පත්වූ පවුල් 516කට නිවාස ඉදිකර දීම සඳහා පියවර ගෙන ඇති බව කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්වූ විශාල පිරිසක් අවතැන්ව ජීවත්වීමට සිදුව තිබේ. එලෙස විපතට පත්වූවන්ට සිය අමාත්‍යංශය මඟින් නිවාස 525ක් ඉදිකරදීමට පියවර ගෙන ඇති බව හෙතෙම පවසා තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 209ක්ද, ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 155ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවාස 8ක්ද, නුවරඑලිය දිස්ත්‍රික්කයේ නිවාස 100ක්ද, බදුල්ල දිස්ත්‍රික්කයේ නිවාස 53ක්ද ඉදිකරදීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.