නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ 10ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වූ ධීවරයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේදීයි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ උතුරු මැද නාවික විදානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මෙම ධීවරයින් 10දෙනා අත්අඩංගුවට ගත්තා. අදාළ ධීවරයින් පිරිස ඉරනතිව් දූපතට දකුණෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වී ඇති බව වාර්තා වනවා. ධීවර කටයුතු සදහා යොදා ගන්නා ධීවර ආම්පන්න සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 29ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ආම්පන්න ධීවර සම්පත් කළමනාකරණ සහකාර කාර්යාලය වෙත භාර දුන් බවයි නාවික හමුදාව පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top