SRILANKAN NEWS

විග්නේෂ්වරන් සහ ආනන්දසංකරි අතර හමුවක්

උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා තම පක්‍ෂයේ නායකත්වය භාර ගන්නේ නම් එය පිළිගැනීමට සූදානමින් සිටින බව දෙමළ විමුක්ති සන්ධානයේ ලේකම් වී. ආනන්දසංකරි මහතාා පවසයි.

ඊයේ (30) දින උතුරු පළාත් මහ ඇමැති නිවසේදී පැවැති හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ආනන්දසංකරි මහතා මේ බව පවසා සිටියේය.

උතුරු පළාත් මහ ඇමැතිවරයාව විවේචනය කිරීමට කිසිවකුට සුදුසුකමක් නැහැ, මෙම හමුව දේශපාලන හමුවක් නොවේ, අපේ පක්‍ෂයේ නායකත්වය භාර ගැනීමට ඔහු කැමැති නම් අපි ඔහුව පිළිගැනීමට සූදානමින් සිටින බව ආනන්දසංකරි මහතා වැඩිදුරටත් පවසා සිටියේය.