ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක් – වනිදු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන එක්දින තරගයේ හමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි. ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (2) පැවැති දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 155 කට දැවී ගිය අතර ඕවර 30.1 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 158 ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අද එක්දින වරම් හිමිකරගත් වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවාගනිමින් සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත් ලෝකයේ තුන්වැනි ක්‍රීඩකයා බවට පත්විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top