SRILANKAN NEWS

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 8 වන දින සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20වනදා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2230කදී පැවැත්වෙනවා. මේ සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 15,227 දෙනෙකු මෙවර පෙනී සිටින අතර ඉන් දෙලක්ෂ තිස් හත් දහස් නවසිය හතළිස් තුන් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා. 77284 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන්. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20වනදා විභාග මධ්‍යස්ථාන 3014ක දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙවර විභාගය සදහා අයදුම්කරුවන් තුන්ලක්ෂ පනස් හය දහස් හත්සිය විසි අට දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.