ඩෙංගු උවදුරෙන් මිදෙන්න පාසැල් දරුවන්ට සුදුසු ඇඳුමක්

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උවදුරට පාසැල් දරුවන් ලක්වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මදුරුවන්ගෙන් ආරක්‍ෂා වීමට ශරීරය ආවරණය වන සුදුසු ඇදුම් ඇදීම සදහා පාසල් සිසුන් හට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ.

ඒ අනුව පාසල් දැරියන් හට සිය ගවුමට අමතරව ශරීරය ආවරණය කර ගැනීම සදහා සුදුසු ඇදුමක් සහ කොට කලිසම් අදිනු ලබන සිසු දරුවන්ට ඒ වෙනුවට දිග කලිසම් ඇදීමටද තාවකාලික අවසරයක් හිමිවනු අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top