ලබන මස 08 වන දින සිට පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයදුම්කරුවන් 315,227ක් සුදුසුකම් ලබා සිටින බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
අගෝස්තු මස 20 වන දින පැවැත්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 356,728ක් ද සුදුසුකම් ලබා ඇති බවයි එහි දැක්වෙන්නේ.
උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත පිරිසෙන් 237,943ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 77,284ක් පෞද්ගලික අයදුම්කරුවන්.
එම විභාගය අගෝස්තු මස 08 වන දින සිට සැප්තැම්බර් 02 දින දක්වා කාලය තුළදී විභාග මධ්‍යස්ථාන 2230කදී පැවැත්වීමට නියමිතයි.