මෑතකදී නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මිතුරෙකු ‘කේප්පාපිලවු සත්‍යග්‍රහය සහ එවැනි අනෙකුත් සත්‍යග්‍රහවලට දැන් ප්‍රධානත්වය දෙන්නේ කව්රුන්ද? ඉස්සර වගේ මාධ්‍යවලින් දැන් එයට වැදගත්කමක් නොදෙන්නේ ඇයි? දැයි විමසා සිටියේය. පසුගිය දිනක කේප්පාපිලවු ජනතාව තම විරෝධතාවය කොළඹට ගෙන ගියා. සම අයිතිවාසිකම් ව්‍යාපාරය විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. 500කට ආසන්න පිරිසක් එයට සහභාගිවූ අතර, උතුරු පළාත් සභාවේ ඇතිවූ අර්බුදකාරි තත්වයට වඩා එම විරෝධතාව සම්බන්‍ධ පුවතට වැඩි ප්‍රසිද්ධියක් ලැබී තිබුණේ නැහැ.
කේප්පාපිලවු, මුල්ලතීව්, වව්නියාව, කිලිනොච්චිය, මරුදන්කේනි, ඉරනයිතිව්, සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ද ජනතාව දිගින් දිගටම අරගලයේ යෙදී සිටිති. අතුරුදන්වූවන්ගේ අරගලයට දින සීයක් අවසන්වීමත් සමඟම කිලිනොච්චියදී විරෝධතාවක් සංවිධානය කෙරුණි. දෙමළ සිවිල් සමාජය ඇතුළු ක්‍රියාකරුවන්, මානව හිමිකම් ක්‍රියාකරුවන්, දේශපාලකයන් ද එයට සහභාගිවූහ. රාජ්‍ය නායකයා සමඟ සාකච්ඡාවකට කටයුතු සූදානම් කරන බවට ආණ්ඩුකාරවරයා සහතිකවීමෙන් අනතුරුව එම විරෝධතාවය අවසන් විය. සහතිකවූ පරිදි රාජ්‍ය නායකයා ද විරෝධතාකරුවන්ව හමුවිය. විනාඩි 42ක් පමණ එම සාකච්ඡා හමුව පැවැත්වුණි. ආරම්භයේදී රාජ්‍ය නායකයා එය සාමාන්‍ය පරිදි සොයා බැලීමට තැත් කළ නමුත්, පීඩාවට පත්වූ ජනතාව තදින්ම තම ස්ථාවරය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා කඩිනමින් ඇතම් ක්‍රියාමාර්ග සිදුකරන බවට පොරොන්දුක් ලබාදී ඒ අනුව ක්‍රියාමාර්ග කිහිපයක් සිදුකරද තිබේ. කෙසේ නමුත් ඉන් අනතුරුව කිසිඳු වෙනසක් සිදූ නොවූ බව අදාළ ජනතාව පවසති. එමෙන් ඔවුන් රාජ්‍ය නායකයා වෙත ඊමෙයිල් පණිවුඩයක් යවා තිබේ. එයට ලැබෙන ප්‍රතිචාරයට අනුව ඉදිරි ක්‍රියාමාර්ගය ගැන තීරණය කරන බව එම ජනතාව පවසා සිටිති.
මුල්ලිකුලම් සහ ඉරයිතීව් ප්‍රදේශවල අරගලය සංවිධානය කර තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. සත්‍යග්‍රහය උණුසුම්වීමත් සමඟම දේවස්ථාන සභාව, දේශපාලකයන් හා සමාජ ක්‍රියාකරුවන් ද ජනතාව සමඟ එක්වුණි. එම අරගලය සමාජ හා ජාත්‍යන්තර වශයෙන් වැඩි අවධානයට යොමුවීමත් සමඟ රජය ඉඩම් නිදහස් කිරීමට එකඟවුණි. කෙසේ නමුත් මාස දෙකකට වැඩි කාලයක් ගතවූ නමුත් මෙතෙක් එකඟවූ පරිදි ඉඩම් නිදහස් කර නොමැත. දැනටත් ජනතාවගේ නිවස්වල රැඳී සිටින්නේ හමුදාවය.
නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සත්‍යග්‍රහයේ නිරතවූ ඉරනයිතිව් ජනතාව හමුවිය. විසඳුමක් ලබාදීමට දින 14ක් ලබා දෙන්නැයි ඉල්ලා තිබේ. ලබන බදාදා දිනට එම සති දෙකක කාලය ද අවසන්වේ.
පසුගියදා මයිලිටි ධීවර වරාය ඉතා උත්කර්ෂවත් අයුරින් නිදහස් කෙරුණි. නමුත් නිදහස් කර තිබුණේ ධීවර වරායට බස්නාහිරෙන් පිහිටි ප්‍රදේශය සහ ධීවර ජැටිය පමණි. නැගෙනහිර ප්‍රදේශය නිදහස් කර නොමැත. මුහුදේ සීමාවකට එපිට යෑමට නොහැකිව බාධක දමා රතු කොඩි දමා මායිම් දමා ඇති බවට එම ප්‍රදේශයේහි ජනතාව පවසති. සම්පත්වලින් පිරුණු නැගෙනහිර ප්‍රදේශය තවඳුරටත් හමුදාව යටතේය. එමපණක් නොවන ගම්මානය නිදහස් නොකරන ධීවර ජැටිය පමණක් නිදහස් කිරීමෙන් ජන ජීවිතය යථා තත්වයට පත්වන්නේ කෙසේ ද? ධීවරයන්ට ධීවර කටයුතු සිදුකිරීමට වෙරළක් අවශ්‍යයි. රැඳී සිටීමට ප්‍රදේශයක් අවශ්‍ය වේ. නිදහස් කර තිබෙන්නේ ජැටිය පමණි ජනතාව ජීවත්වූ ප්‍රදේශය නිදහස් කර නොමැත.
ත්‍රිකුණාමලයෙහි සත්‍යග්‍රහයේ නිරත ජනතාව හමුවීමට එහි දේශපාලකයන්ම නොපැමිණෙන බව එම ජනතාව චෝදනා කරති. නැගෙනහිර පළාත් සබා මන්ත්‍රිවරුන් වැඩි වශයෙන් ගමන් කරන මාර්ගයක ආණ්ඩුකාර කාර්‍යාලයට ඉදිරිපිට එම ජනතාව සත්‍යග්‍රහයක නිරතව සිටිති. නමුත් එම ජනතාවගේ නියෝජිතයන් බොහෝ දෙනෙකු එම අරගලය ගැන සොයා නොබලන බව එම ජනතාව චෝදනා කර තිබේ. මාස කිහිපයකට පෙර දෙමළ මහජන සභාව ත්‍රිකුණාමලයදී රැස්වුණි. ඒ සඳහා ගිය ඇතම් දේශපාලකයන් එම ජනතාව හමුවී තිබුණි.
ත්‍රිකුණාමලයේදී පමණක් නොව උතුරේ පැවැත්වෙන බොහෝ අරගලවලට දේශපාලකයන්ව දැකින්ට නොහැක. මාධ්‍යවේදීන්ව ද දැකිය නොහැක. ඉකුත් විරෝධතා, අරගල ආරම්භවූ අලුතින් දේශපාලකයන් පෝලිමට පැමිණ තම පැමිණීම සටහන් කළෝය. මාධ්‍ය ආයතනද දිනපතා අරගලය සම්බන්‍ධයෙන් පුවත් පළකරමින් දිරිගැන්වූහ. නමුත් මෑත කාලය තුල එම අරගලවල පසුබෑමක් දැකිය හැක. දේශපාලකයන්, මාධ්‍යවේදීන් එම පැත්තට යෑම අඩුවී තිබේ. ඇතම් ක්‍රියාකරුවන් පමණක් එම ජනතාව සමඟ සම්බන්‍ධකම්වල සිටිති. දිගටම මෙම තත්වය තිබුණේ නම් අරගල හා විරෝධතාවන් අඩාලවිය හැකි තත්වයක් ඇතිවේ. වඩා ප්‍රසිද්ධයක් ලැබූ මෙම අරගලවලට අද මෙවැනි තත්වයක් ඇතිවී තිබීමට හේතුව කුමක්ද ?
ප්‍රධාන කාරණා තුනක් මෙහිදී සඳහන් කළ හැක. පළමුව රජය සැලසුම් සහගතව මෙම අරගල බලහීන කිරීම හෝ වැඩි වැදගත්කමක් නොදීමට කටයුතු කිරීම, දෙක අරගල කරන සංවිධාන අතර අවශ්‍ය තරම් සම්බන්‍ධිකරණයක් නොමැතිවීම, තුන මෙම අරගලවලට නායකත්වය ලබාදිය හැකි සංවිධානයක් හෝ පක්‍ෂයක් දෙමළ ජනතාව අතර නොමැතිවීමය.
– නිලාන්දන්
– පරිවර්තනය ජස්මින්
Add Comment