හම්බන්තොට ප්‍රදේශයේ සිඳුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

හම්බන්තොට මිද්දෙණිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මෙහිදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාට තුවාලකරුගේ පුතා කඩුවකින් පහරදී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පෞද්ගලික ආරවුලක් මත මෙම ගැටුම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම ගැටුමේ දී එක් පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා වෙත තුවාලකරුගේ පුතා කඩුවකින් පහරදී ඇති අතර එහිදී වෙඩි තැබූ පුද්ගලයා ද තුවාල ලබා තිබේ. ඔහු පොලිස් අත්අඩංගුව යටතේ තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවිය පොලිස් භාරයට ගත් බව මිද්දෙණිය පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top