ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගට

Image result for උපුල් තරංග

Image result for චන්දිමාල්

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස කණ්ඩායමේ නව නායකත්වය උපුල් තරංගට සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් පත්කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කර තිබේ.

අද (12) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

එමෙන් ම ඇන්ජෙලෝ මැතිව්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව මාධ්‍ය හමුවේ දැනුම් දෙමින් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට ලද අවස්ථාව පිලිබඳ ඉතා සතුටු වන බවත් එමෙන්ම මේනවිට කණ්ඩායම ලබා ඇති පසුබෑම සුළුකොට තැකිය නොහැකි බවය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top