පසුගිය 2017 මැයි 17 වනදා එලිල් රාජයන් පියතුමන් විසින් මුල්ලිවායිකාල් නැගෙනහිර සින්නප්පර් දේවස්ථානයට අසල පැවැත්වීමට සූදානම් කළ අනුශ්මරණ කටයුතු තහනම් කර, ආගමික කටයුතු පමණක් සිදුකිරීට මුල්ලතිව් අධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි.
මියගිය පුද්ගලයන්ගේ නම් කුඩා ගල්වල කොටා එය එක්තැන් කර ස්මාරකයක් ඉදිකිරීමේ උත්සහයට එරෙහිව අධිකරණය විසින් එලෙස තහනම් නියෝගයක් පනවා තිබුණි. එම ගල්වල කොටි සංවිධානයේ සිට මියගිය පුද්ගලයන්ගේ නම් ද තිබිය හැක යන පොලිසියේ සැකය මත මුල්ලතීව් අධිකරණ විනිසුරුවරයා විසින් එම නියෝගය ප්රකාශ කර තිබුණි.
එම නියෝගය දින 14කට වරක් දීරඝ කරන අතර, එලිල් රාජයන් පියතුමන් පාර්ශවයෙන් මුල්ලතිව් අධිකරණයට අවස්ථා ගණනාවක් ඉදිරිපත් වූ නීතීඥ කු. ගුරුබරන් විසින් සිහිපත් කළ යුතු පුද්ගලයන් කව්රුන් දැයි නීතිය විසින් සීමාවක් පනවා නොමැති බව ද පෙන්වාදී තිබේ.
කෙසේ නමුත්, ජාතික ආරක්ෂාව, ජාතික සමගිය, සාමයට බාධාවක් යන කරුණු මුල්කර පොලිසිය විසින් එම තහනම් නියෝගය දිගටම බලපත්වාගෙන යෑමට අධිකරණයෙන් ඉල්ලා සිටින අතර, අධිකරණය විසින් ද එ් අනුව තහනම් නියෝගය තවඳුරටත් දිර්ඝ කරමින් සිටියි.
මෙවැනි තත්වයකදී ඉකුත් තහනම් නියෝගය සම්බන්ධයෙන් සමාලෝචනයක් පවත්වන්නැයි වව්නියාව මහධිකරණදී කු. ගුරුබරන් විසින් පසුගිය 12 වනදා පෙත්සමක් ගොනු කර තිබේ. පෙත්සම භාරගත් වව්නියාව මහධිකරණ විනිසුරු සසි. මහේන්ද්රන් නඩුව ලබන 25වනදා විභාග කිරීමට කැඳවා තිබේ.
Add Comment