බංග්ලාදේශ අගමැතිණි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනයක් අනුව බංග්ලාදේසයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිම කර ඊයේ (15) පස්වරුවේ යළි දිවයිනට පැමිණියේ ය.
ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ශක්තිමත් පදනමක් සපයමින් ශී‍්‍ර ලංකාවට සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් ගෙන දෙන නව අවබෝධතා ගිවිසුම් රැසකට අත්සන් තැබීම ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරය තුළින් සිදු විය.