මුල්ලතිව් වැව්වල ජල මට්ටම අඩුවෙයි – ජනතාව පීඩාවට

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ වැව්වල ජල මට්ටම අඩුවීම හේතුවෙන් ගොවිතැන්, මිරිදිය ධීවර කටයුතු ඇතුළු ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී ජනතාව දැඩි දුෂ්කරතාවයට මුහුණ දෙමින් සිටිති.

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ මුත්තයන්කට්ටු කුලම්, වවුනික්කුලම්, වැනි ප්‍රධාන වැව්වල ජල මට්ටම විශාල ලෙස අඩුවීම හේතුවෙන් එම වැව් යටතේ පවත්වාගෙන යන ගොවිතැන් කටයුතු ද විනාශයට පත්ව තිබේ.

මුල්ලතිව් දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං තත්වය හේතුවෙන් මිරිදිය ධීවර කටයුතු ද බාධාවට පත්වී තිබේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් ගණනාවක් පීඩාවට පත්ව සිටින අතර, එම ජනතාව නියං ආධාර ලබාදීමට දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය පියවර ගත යුතු යැයි ප්‍රදේශවාසීන් ඇතුළු පොදු සංවිධාන ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top