සමෘධි ලාභීන් තෝරා ගැනීමේදී අක්‍රමිකතාවක් සිඳු ඇතැයි පවසා විරෝධතාවක්

නව සමෘධි ලාභීන්ව තොරා ගැනීමේ වැඩපිළිවලයෙහි අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් සමෘධි ආධාර ලබා ගැනීමට සුදුසු පුද්ගලයන් කිසිවකු නව ලැයිස්තුවට ඇතුලත් කර නැති බව පවසා කරයිච්චිය ප්‍රාදේශිය ලේකම් කොඨාශයට අයත් සියයකට අධික සමෘධි ලාභීන් විසින් අද දින පෙරවරු 10ට පමණ කරයිච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් නිරතවූහ.

කිලිනොච්චිය ප්‍රාදේශිය ලේකම් කොඨාශය තුළ සමෘධි ලාභීන් යැයි තෝරා ගැනීමෙන් පසු විවිද හේතු කාරණා මත තමන්ව ප්‍රතික්‍ෂේප කර ඇතැයි විරෝධතාකරුවන් පවසා තිබේ.

එහිදී විරෝධතාකරුවන් සමඟ සාකච්ඡා කළ ප්‍රාදේශිය ලේකම්වරයා මෙම තීරණය තමන් විසින් ගත් තීරණයක් නොවන බවත්, මේ සම්බන්‍ධයෙන් තම ප්‍රධානත්වයෙන් පරික්‍ෂණ කිරීමට කමිටුවක් පත්කර තිබෙන අතර, එම ලැයිස්තුව ගැන සමාලෝචනය කරන බව ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top