උතුරු පළාත් ඇමැති ටෙනිස්වරන්ව ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂය හෝ උතුරු පළාත් මහ ඇමැතිවරයා ද තමන් සමඟ සාකච්ඡා නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසා තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ සන්ධාන ගතව සිටින ටෙලෝ පක්ෂය විසින් පසුගිය 13වනදා මහ ඇමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි. තම පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යංශයේ සිටින පී. ටෙනිස්වරන් මහතාව ධූරයෙන් ඉවත් කරන ලෙසත්, ඒ වෙනුවෙන් වෙනත් මන්ත්රීවරයෙකුව නම් කරන බවද සඳහන් කර තිබුණි.
ඒ අනුව උතුරු පළාත් ප්‍රවාහන ඇමැති ටෙනිස්වරන්ව ධූරයෙන් ඉවත් කිරීමට මහ ඇමැතිවරයා විසින් පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයා වශයෙන් දැනුවත් කර තිබෙන්නේ දැයි ආර්. සම්බන්ධන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් ටෙලෝ පක්ෂය හෝ උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ද තමන් සමඟ සාකච්ඡා නොකළ බවත්, දැනට මේ සම්බන්ධයෙන් තමන්ට කිසිඳු පිළිතුරක් ලබාදීමට නොහැකි බවද පවසා තිබේ.
Add Comment