උද්ඝෝෂණ, විරෝධතා පැවැත්වුවන් “වරාය නගරය” ව්‍යාපෘතිය නතර කිරීමේ හැකියාවක් නැතැයි මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවක මහතා ඊයේ (17) පවසා තිබේ.
නාරාහේන්පිට, පොල්හේන්ගොඩ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.
වරාය නගර ව්‍යාපෘතිය තුළින් ජනතාව පීඩාවට පත්වන බව පවසමින් ධීවර ජනතාව සහ පූජ්‍ය පක්ෂය එක්ව මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා කරමින් ඊයේ පවත්වන ලද විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පාඨලී චම්පික මහතා මෙම අදහස් පළකරක ලදී.
සියළු පාර්ශවයන් විසින් එකගවීමෙන් පසු වරාය නගර ව්‍යාපෘතිය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් යම් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වන්නේ නම් කළ යුත්තේ විරෝධතා පවත්වමින් ජනතාව පීඩාවට පත්කිරීම නොව බලධාරීන් සමග සාකච්ඡා කළ යුත යැයි හෙතෙම පවසා තිබේ.
ඩොලර් බිලියන 1.4 ක් යොදා හෙක්ටෙයාර් 269 ක් ගොඩ කර ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් අපේ රටට වාසි රැසක් උදාවන බවද සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.
– Global Tamil News : Sinhala
Add Comment