මෙවර කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට..

2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (23) දින සමත්වුණි.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 07කට ලකුණු 228ක් රැස් කළ අතර, පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දියාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219ක් පමණි. ඒ අනුව ලකුණු නවයකින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගත්හ.

එංගලන්තය කාන්තා ලෝක කුසලානයක් දිනාගත් සිව්වන අවස්ථාව මෙය වන අතර, කාන්තා ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාව දෙවන වරටත් ඉන්දියාවට අහිමිවුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top