වෙසක් පොහොය තීරණය කරන්නේ රජය නොවේ! – වජිර අබේවර්ධන

වෙසක් පොහොය දිනය යෙදෙන දිනය තීරණය කරනු ලබන්නේ ආණ්ඩුව විසින් නොවන බවත්, එය තීරණය කරනු ලබන්නේ ආගමික නායකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ලබන වසරේ වෙසක් පොහොය යෙදී ඇති දිනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

පෝය කමිටුව විසින් ලබන වසරට අදාළ පොහොය දිනයන් සකස් කර ඇති බවත්, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන්, ශ්‍රී ලංකාවේ නිවාඩු පනත අනුව නිවාඩු ගැසට් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top