භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
මේ අනුව මෙම කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය 2017 ජූලි 27 දින සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීරඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද (25) දිනයේ දී ප්‍රකාශයට පත්වීමට නියමිතය.
තවත් මාස තුනකින් කොමිසමේ කාලය දීර්ඝ කරන ලෙස පසුගියදා මෙම කොමිසම විසින් ඉල්ලීමක්ද කර තිබිණි.