හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හෙට (26) පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැඳවා ඇති බව වාර්තාවේ.
මේ අතර එම කොමිසමේ නිල කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. කොමිසමේ වාර්තාව ජුනි මස 27 වන දින භාරදිය යුතුව තිබූ අතර, එම කාලසීමාව ඔක්තෝම්බර් 27 දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය කර තිබේ.