නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදිසියේ ක්රියා විරහිත වීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත.
මේ පිළිබදව අදහස් දක්වමින් එම කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ධමිත කුමාරසිංහ මහතා සදහන් කර ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ ක්රියාවිරහිත වීමට හේතුව සහ එවැනි තත්ත්වයක් යළි ඇති වීම වළක්වා ගැනීම මෙම පරීක්ෂණයේ මූලික අරමුණ බවයි.
පසුගිය (15) දා ඇති වු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු ඇණ හිටිම නිසා මෙගා වොට් 900ක විදුලි ධාරිතාවක් සමස්ත විදුලිබල නිෂ්පාදනයට අහිමි විය.
මෙම තත්ත්වය මැඩ පැවත්වීම සදහා වු තාවකාලික පියවරක් ලෙස දිනකට පැය එක හමාරක කාලයක් විදුලි සැපයුම දෛනිකව අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත.
– Global Tamil News : Sinhala
Add Comment