ජනාධිපති කොමිසමේ ඔනෑම ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදීමට සූදානම් – රවි කරුණානායක

බැඳුම්කර සිද්ධියට අදාලව සාක්ෂි විමසීමේදී, තමා පදනම් කර ගනිමින් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ලබන අගෝස්තු මස 02 දින බැඳුම්කර කොමිසම හමුවේ ඔනෑම ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදීමට සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26) විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවැති අදට යෙදෙන ජාතික යොවුන් කොඩි දිනයට සමගාමීව පැවැති ධජ පැළඳවීමේ උත්සව අවස්ථාවේදී ය.

අමාත්‍යංශ රැස්වීම පැවැත්වෙන දිනයක කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස කැඳවා තිබු බවත්, අමාත්‍යංශ රැස්වීමට සහභාගිවීමේ අවශ්‍යතාවක් තිබුණ හෙයින් කොමිසම ඉදිරියේ පෙනී සිටිමට නොහැකි වූ බව හෙතෙම පවසා තිබේ.

මේ අණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මේ වගේ ස්වාධීන කොමිසමක් ඉදිරියට යාම සිදු වන අතර එය යහපාලන ආණ්ඩුවේ තිබෙන විනිවිධභාවය තුළ සිදු වන්නක් බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top