SRILANKAN NEWS

රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ප්‍රකාශය පිළිගන්න බැහැ – රාජිත සේනාරත්න

රජයේ වෛද්‍ය නිලධාරින් සංගමයේ ප්‍රකාශය පිළිගත නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර තිබුණි. කෙසේ නමුත් එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා පවත්වන අවස්ථාවේ දී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුයේ ද මෙම පුද්ගලයා විසින් බවත්, එවැනි සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙකුට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කිරීම විලිලැඡ්ඡාවට බදුන්වන කරුණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.