ශ්‍රී ලංකාව වෙත 2020 දක්වා කාලය තුළ යුරෝ මිලියන 210ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 34ක) සංවර්ධන ආධාර යුරෝපීය සංගමය වෙතින් ලබා දීමට නියමිත බව වාර්තාවේ.
2007 සිට 2013 දක්වා ලබා දුන් ආධාර මුදල් හා සසඳන කළ මෙය දෙගුණයකින් වැඩිවීමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
බෙල්ජියමේ සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ ප්‍රධානීන්ව හමුවී සාකච්ඡා කර තිබේ.
තිරසාර සාමය ස්ථාපිත කිරීම, අභ්‍යන්තර අවතැන් වූවන් යළි පදිංචි කිරීම, දුප්පත්කමින් පීඩිත ප්‍රදේශ සංවර්ධනය කරලීම උදෙසා මේ ආධාර ලබා දීමට යුරෝපීය සංගමය කටයුතු කරනු ඇත. පසුගිය මාස 21 ක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධව ද යුරෝපීය සංගමයේ ප්‍රසාදය හිමි වී තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment