විදේශ කටයුතු ඇමැති රුසියානු හා ඇමරිකානු තානාපතිවරුන් හමුවෙයි..

රුසියානු හා ඇමරිකානු තානාපතිවරු විදේශ කටයුතු ඇමැති හමුවේශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති ඇලෙක්ස්සැන්ඩර් ඒ කර්චාවා ( Alexander A. Karchava) මහතා සහ ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් (Athul keshap) මහතා ඊයේ (31) පස්වරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවිය.

ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී බැඳීම වර්තමානයේ ශක්තිමත් වී ඇති බවත්, සංවර්ධනය සඳහා රුසියාව නිරන්තරයෙන් සහය ලබා දෙන බව රුසියානු තානාපතිවරයා එහිදී පවසා තිබේ.

මේ අතර ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පූර්ණ සහය පළ කරන බවත්, රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය හා සමාජීය සංවර්ධනය ඉහළ තලයක පවතින බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top