නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සත්කාරක සේවා අද සිට නොමිලේ!

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගී සත්කාරක සේවා අද සිට නොමිලේ ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගිය අගහරුවාදා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරමින් මෙම රෝහල සඳහා පාලක මණ්ඩලයක් පිහිටුවීමට අනුමැතිය ලබාගෙන ඇත. එහි සභාපතිවරයා වන්නේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහතායි. රෝහල් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය රියර්අද්මිරාල් එන්.ඊ.ඩබ්. ජයසේකර මහතා පත්කර ඇත.

මෙම රෝහලෙන් අද සිට ජනතාවට නොමිලයේ ප්‍රතිකාර සේවා ලබාගත හැකිය. ඒ අනුව සියලු ම රෝගීන්ට අවශ්‍ය ඖෂධ ද නොමිලේ ලබාදෙන අතර, ඒ සඳහා වූ ඖෂධ ඊයේ (31) පස්වරුව වන විට වෛද්‍ය සැපයුම් අංශය විසින් මාලඹෙි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ලබාදී තිබුණි.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් සංඛ්‍යව 600ක් වන අතර, රෝහලේ අවශ්‍යතා සඳහා රුපියල් කෝටි 20 ක මුදලක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top