කිලිනොච්චියදී පැවැති සයිටම් විරෝධි විරෝධතාවය

මාලඹේ සයිටම් ආයතනයට එරෙහි සයිටම් විරෝධී ජන පවුර සංවිධාන කරන ජාතික විරෝධතා මාලාව දිවයින පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කිහිපයක අද (02) පෙරවරුවේ සිට ආරම්භ වුණි. ඒ අනුව අද දහවල් 12 සිට 2ක දක්වා කිලිනොච්චිය දිස්ත්‍රික්ක රෝහල ඉදිරිපිට වෛද්‍යවරුන්, සහ වෛද්‍ය පීඨ සිසුන්ද එක්ව මෙම විරෝධතාව පැවැත්වූහ.

නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරන, රෝගී ජීවිත අනතුරේ හෙලන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරතවූහ.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ සේවා සංගමය , සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය, රජයේ මුද්‍රණ සේවකයින්ගේ සංගමය, ලංකා තැපැල් සේවා සංගමය, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සංධානය හා ලංකා විදුලි සේවක සංගමය ද මෙම විරෝධයට සහය දක්වා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top