SRILANKAN NEWS

අගමැතිට සුබ පතා විශේෂ පාර්ලිමෙන්තු සැසියක් අද

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් පිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සැසියක් අද පැවැත්වේ. අද පෙරවරු 10.30 සිට පැය දෙකක කාලයක් එය පැවැත්වීමටයි කටයුතු යොදා ඇති අතර, සුභපැතුම් පිරිනැමීම වෙනුවෙන් වූ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී ගත් තීරණයක් අනුව පක්ෂ නායකවරු විසින් අග්‍රාමාත්‍යවරයා වෙත සුභපැතුම් පිරිනැමීම සිදුකරමින් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.