දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ බඩගමුව රක්ෂිත ප්රදේශයේ දී මෝටර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිඳුවූ අනතුරකින් කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෝටර් රථයේ ගමන් ගත් පස් දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තාවේ.
වත්තේගම වැලිතුඩුව වංගුව අසල දී ත්රීරෝද රථයක වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් බෝක්කුවක ගැටීමෙන් සිඳුවූ අනතුරින් ත්රීරෝද රථ රියදුරු ජිවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර මහඔය අම්පාර ප්රධාන මාර්ගයේ අරන්තලාව ස්මාරකය අසල දී යතුරුපැදියක වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගය අසල නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් සිඳුවූ අනතුරින් යතුරුපැදිකරු ජීවිත්ෂයට පත්ව තිබේ.
Add Comment