රවී කරුණානායක ඇමති ධුරයෙන් ඉවත් කළ යුතුයි

රවී කරුණානායක කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරද්දී රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුම්කර ගනුදෙනුවට අදාළ නිසි ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇතැයි යන්න පිළිබඳ ප්‍රශ්නයක් පැන නගින බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරන්නේ විමර්ශන කටයුතු අවසානයේ අදාළ නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති කොමිසමේ වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලබා දිය යුතු බවය.

“නීතිපති දෙපාර්තමේන්තුව රජයේ ආයතනයක්. රජයේ ඇමතිවරයෙක්ම චෝදනාවට ලක්වෙලා ඔහු කැබිනට් ඇමති ධුරයේ තියා ගෙන නීතිපති දෙපාර්තමේන්තුවට සාධාරණ ආකාරයට නීති ක්‍රියාමාර්ග ගත හැකි වනු ඇත්දැයි යන ප්‍රශ්නය තිබෙනවා. ආණ්ඩුවට සදාචාරයක් තියෙනවා නම් ඔහු එම ධුරයෙන් ඉවත් කරන්න ඕන. ඔහුව ඉවත් කර තමයි පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යන්න ඕන. ඊට හේතුව තමයි ඔහු වැරදිකරු වුනත් නිවැරදිකරු වුනත් මේ වනවිට ආණ්ඩුව එහි එක් පාර්ශවයක් බවට පත් වී තිබීම.”

අමාත්‍ය රවී කරුණානායක මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා විශ්විසභංග යෝජනාව ගෙනා ඇතැම් පුද්ගලයන්ට එරෙහිවද දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති බවද සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය පාර්ලිමේන්තුවේ දී තීන්දුවක් ගනු ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

මූලාශ්‍ර බීබීසී

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top