SRILANKAN NEWS

කුඩා දරුවන් ප්‍රබාකරන් වගේ එන්න කැමැති වෙන්නේ නැහැ – විග්නේෂ්වරන්

කුඩා දරුවන්ගෙන් ඔයා කව්රු වගේ වෙන්නද කැමැතියි කියලා ඇහුවොත්, ගාන්ධි හෝ ප්‍රබාකරන් වගේ යැයි කියන්නේ නැහැ, තම සහෝදරයා හෝ සහෝදරිය වගේ කියලා තමයි කියන්නේ යැයි උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

පළමු දෙමළ කාන්තා ගුවන් නියමුවා වන අර්චනා සෙල්ලතුරයි විසින් ගායනා කළ ගීත එළිදැක්වීම හා උපහාර ප්‍රධානය කිරීමේ උත්සවය යාපනය වීරසිංගම් ශාලාවේදී අද (7) දින පැවැත්වුණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

ජීවිතයේ අපට කියා අරමුණක් තිබිය යුතුයි. එය අත්පත් කර ගැනීම සඳහා කැපවීමෙන් උත්සහ කළ යුතුයි. අනාගතයේදී කව්රුන් වගේ එන්නද කැමැතියි කියලා මම කුඩා දරුවන්ගෙන් අහනවා, ගාන්ධි හෝ ප්‍රබාකරන් කියා ඔවුන් කියන්නේ නැහැ, තම සහෝදරයා හෝ සහෝදරිය වගේ කියලා තමයි කියන්නේ, සා.පෙළ විභාගයදී පවා අසමත් වූ බොහෝ දෙනෙකු රජයේ රැකියා සොයමින් සිටිනවා, අධ්‍යාපනයේ වැදගත්කම ඔවුන්ට දන්නේ නැහැ, ඔවුන් අතර තිබෙන්නේ කෙසේ හෝ මුදල් හොයන එක පමණයි යැයි මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.