කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ මරණ සහතිකය ලබාදීමේ කටයුත්ත දෙමළ ජාතික සන්ධානයට යහපාලන ආණ්ඩුව සමඟ එක්ව සිදු කළ හැකි බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
දෙමළ ජාතික සන්ධානය රජය සමඟ එක්ව කටයුතු කරන හෙයින්, ප්‍රබාකරන්ට මරණ සහතිකය ලබාදීමේ කටයුත්ත පහසුවෙන් සිදුකරගත හැකි බවත්, විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානයේ විනිසුරුන් සහ නීතීඥවරුන් සිටින හෙයින් ඔවුන් ලවා වත්මන් රජයට ඒ සඳහා වූ කටයුත්ත සිදු කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
ප්‍රබාකරන් ඝාතනය වුනේ නම් මහින්ද රාජපක්ෂ පාලනයේදී එයට මරණ සහතිකය ලබා නොදුන්නේ කුමක් නිසාද යන්න ජාත්‍යන්තර වශයෙන් අසන ප්‍රශ්ණයකි. මේ සම්බන්ධයෙන් ඊයේ (18) දින දෙමළ මාධ්‍යවේදීන්ව හමුවූ බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පවසා තිබේ.
පසුගිය පාලන සමයේ ප්‍රබාකරන්ට මරණ සහතිකය ලබාදී තිබුණේ නම්, ඒ සඳහා කොමිසමක් පත්කර ප්‍රබාකරන්ට මරණ සහතිකය ලබාදුන්නේ ඇයි දැයි විමර්ශණ පවත්වනු ඇති බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment