උතුරේ ස්ථාන ගතව සිටින 150,000ක සෙබළුන් ප්‍රචණ්ඩත්වයට අඩිතාලම දමනවා – විග්නේෂ්වරන්

20161018_19304811උතුරු පළාතේ එක් ලක්‍ෂ පනස් දාහක සෙබළුන් ස්ථාන ගතව සිටීම ප්‍රචණ්ඩත්වයට අඩිතාලමක් බවත් ජනතාවගේ ඉඩම්, ජීවනෝපාය, ආර්ථිකය, දේපළ සම්පත් උදුරාගන්නා අතර එහි ජීවත් වන සැමියන් අහිමිවූ කාන්තාවන් ඇතුළු ජනතාවගේ යහපැවැත්මට තර්ජනයක්වී ඇති බවට උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා චෝදනා කර තිබේ.

ඊයේ (18) දින සවස ලන්ඩන් නුවරදී කිංස්රන් මානගර සහභා සහ යාපනය අතර ‘ද්විත්ව නගර‘ ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ.

20161018_190037මෙම අවස්ථාවට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති අමාරි විජයවර්ධන, කිංස්රන් නගර සභාවේ කවුන්ස්ලර් ඇතුළු බ්‍රිතාන්‍ය වෙසෙන දෙමළ ජනතාවද සහභාගිවූහ.

මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාවට වෙනස්කම් දක්වන බවත්, වැඩසටහන් සියල්ල මධ්‍යම රජය විසින් තීරණය පළාත් සභාව වෙත එය පනවන බවද මහ අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කර තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top