රථවාහන වැරදි සදහා අවම දඩය පැනීවීමට නියමිත අවම දඩයට අද දිනයේදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව කැබිනට් අනුමැතිය හිමිවූ අවම දඩය රු.25000ක් වනු ඇති.
ඒ අනුව මෙලෙස දඩ මුදල් වැඩි වන රථ වාහන වැරදි වන්නේ,
1) රියදුරු බලපත් නොමැතිව රිය ධාවනය
2) රියදුරු බලපත් නොමැති පිරිස් රියදුරු සේවයේ නියුක්ත කිරීම
3) බීමතින් රිය පැදවීම
4) දුම්රිය හරස් මාර්ගයට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම
5) වලංගු රක්ෂණාවරණයක් නැතිව රිය ධාවනය
මීට අමතරව තවත් මාර්ග නීති කිහිපයක් උල්ලංඝනය කිරීම් සඳහා වූ අවම දඩය සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
* අධික වේගයෙන් රිය පැදවීම සඳහා වන අවම දඩය, වාහනය පැදවූ වේගය අනුව නියම වන අතර එය රුපියල් 3,000 රුපියල් 5,000 රුපියල් 10,000 සහ රුපියල් 15,000 වශයෙන් සඳහන් වෙයි.
* වමෙන් ඉස්සර කිරීම සඳහා වූ අවම ස්ථානීය දඩය රුපියල් 2000 දක්වා වැඩි කෙරෙනු ඇත.
* වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට අවම ස්ථානීය දඩය රුපියල් 10,000 කි.
* අපරීක්ෂාකාරීව හෝ අනතුරුදායක ආකාරයකින් හෝ අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කළහොත් පැනවෙන අවම දඩය රුපියල් 10,000ක් දක්වා වැඩි කර තිබේ.
* නියමිත වයසට අඩු වයසකින් යුත් පුද්ගලයෙකු රිය ධාවනය කළවිට පැනවෙන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කෙරේ.
* මෝටර් වාහන පනතේ ප්රකාශිතව දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කරගනු ලබන පොදු දණ්ඩනය යටතේ අය කෙරෙන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නංවා තිබේ.
Add Comment