පූනගරි ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තවත් පානීය ජල ලීටර 30 දාහක් අවශ්‍යයි

පූනගරි ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තවත් පානීය ජල ලීටර තිස් දාහක් අවශ්‍ය වන බව පූනගරි ප්‍රාදේශිය ලේකම්වරයා පවසයි.

නියඟය හේතුවෙන් වැව් රැසක් සිඳී ගොස් ළිංවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහත බැස තිබීම හේතුවෙන් ජනතාවට මෙන් ම වන සතුන්ට ද පානීය ජල ගැටලුව බලපා තිබේ. මේ හේතුවෙන් පූනගරි ප්‍රදේශයේ පානීය ජල ප්‍රශ්ණය විශාල ප්‍රශ්ණයක් බවට පත්වී තිබේ. පූනගරි ප්‍රාදේශිය ලේකම් කොඨාශයේ පිහිටි 15කට අධික ගම්මානවල ජලය මුළුමනින්ම සිඳී ගොස් ඇත.

මෙවැනි තත්වයකදී දිස්ත්‍රික්ක ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සහ පූනගරි ප්‍රාදේශිය සභාව එක්ව නියඟයෙන් පීඩාවට පත් පවුල් 5604න් පවුල් 2160කට පමණක් පානීය ජලය බෙදා දෙමින් සිටින බවත්, තවත් පවුල් 3144කට පානීය ජලය ලබාදීමට අවශ්‍යව තිබුණද එය ලබාදීමට නොහැකි තත්වයක් පවතින බව ප්‍රාදේශිය ලේකම්වරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top