සරත් ෆොන්සේකාගේ නිවස ආසන්නයේ ඡායාරූප ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

හිටපු යුධ හමුදාපති හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නාරාහේන්පිට හීං ඇල ප්‍රදේශයේ පිහිටි නිවස ආසන්නයේ සැකකටයුතු ලෙස ඡායාරූප ලබා ගනිමින් සිටි දෙදෙනෙකු නාරාහේන්පිට පොලිසිය විසින් ඊයේ දිනයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

අසල පිහිටි දේවස්ථානයක් වෙත පැමිණ යමින් සිටියදී ඔවුන් මෙලෙස ඡායාරූප ගෙන ඇති බව වාර්තාවේ. ලිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් නාවල ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක සේවය කරන පුද්ගලයන් බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top