යෝෂිත රාජපක්ෂ රහස් පොලිසියට

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා ප‍්‍රකාශයක් ලබා දීමට අද (16) පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.

සිරිලිය පදනම වෙත ලබා දී තිබු ඩිෆෙන්ඩර් රථයක වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඊයේ(15) දිනයේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පැය තුනකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top