ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම්

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති පැවැත්වීම අද සිට තහනම් වේ. ලබන (20) ඉරිදා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු මේ මස 31වනදා සිට සැප්තැම්පර් 5වනදා දක්වා දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන හතලිහක දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර, ඒ සදහා ඇගයීම් මණ්ඩල 384ක් යටතේ ගුරුවරුන් 6965ක් සහභාගී වීමට නියමිතයි.

මෙවර අයදුම්කරුවන් 356,728 ක් පෙනී සිටියි. විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 493 ක් යටතේ දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,014 ක පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top