ඉංගිරිය ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංගිරිය, හඳපාන්ගොඩ ප්‍රදේශයේ දී ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ. සැකකරු සතුව තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ හතරක් ද අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු තිස් හතරක් වූ සැකකරු හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ලබන 23වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top