මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) පස්වරු 2’30 ට පමණ බදුල්ල පස්සර මාර්ගයේ 06 කනුව දේවාලය ඉදිරිපිටදී සිදු කළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථ රියදුරෙකු සතුව තිබී මෙම අත්බෝම්බය සොයාගෙන තිබේ.
අත්බෝම්බය පොලිස් භාරයට ගෙන තිබෙන අතර, බදුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.