අපද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ඔක්තෝම්බර් 23 -30 දක්වා

04-1401873026-garbage123-600ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතාගේ සංකල්පයක් වන පුනරුදය වැඩසටහන යටතේ ක්‍රියාත්මක පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සියලු පළාත් පාලන ආයතන ආවරණය වන පරිදි 2016 ඔක්තෝම්බර් මස 23 සිට 30 දක්වා ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2016 ඔක්තෝම්බර් 24 වන දින පෙ.ව. 9.00 ට රත්නපුර මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් කාර්යාල පරිශ්‍රයෙන් ආරම්භ කෙරේ.

පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවිධිමත්ව ලෙස බැහැර කිරිම විශාල පාරිසරික ගැටළුවක් වී ඇත. මධ්‍යම පරිසර අධිකාරයේ සබරගමුව පළාත් කාර්යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන හා ඒකාබද්ධව පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරිම‍ට අවශ්‍ය පහසුකම් සපයා ඇති අතර මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කිරිමට කටයුතු යොදා ඇත.

වැඩසටහන අවසානයේ එක්රැස්වන සියලුම පොලිතින්,ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රතිචක්‍රිකරණය කිරිමේ ආයතන වෙත විධිමත් පරිදි බාර දීමට කටයුතු කරනු ලැබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top