SRILANKAN NEWS

වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේදී සොයාගත් අත් බෝම්බ තොගයක් විනාශ කරයි..

වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේදී වළ් දමා තිබියදී හමු වූ අත් බෝම්බ තොගයක් වවුනියාව අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින විනාශ කර තිබේ.

මෙලෙස සොයාගත් අත් බෝම්බ 06ක්ම කොටි සංවිධානය විසින් නිෂ්පාදනය කරන ලද තමිලන් ගුණ්ඩු නැමති අත් බෝම්බ වර්ගයක් බව පොලිසිය විසින් අධිකරණයට දන්වා තිබේ. හමු වූ අත්බෝම්බ දැඩි ලෙස දිරාපත් වී තිබූ හෙයින් වවුනියාව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් අනුව අද (24) උදෑසන විනාශ කිරීමට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.