බැඳුම්කරයට අර්ජුන හවුල් – කෝප් කමිටුවේ බහුතරය තීරණය කරති

arjuna-mahenthiran - අර්ජුනහිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු බවට පොදු ව්‍යාපාර කමිටුව. (කෝප්) විසින් ඉදිරිපත් කරන ලද වාර්තා එම කමිටුවේ සාමාජිකයන් බහුතරයක්‌ විසින් අනුමත කර ඇත.

ඒ අනුව එම වාර්තාව ලබන 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි වනු ඇතැයි කෝප් කමිටු සාමාජිකයෙක්‌ මාධ්‍යට පැවසීය.

මෙම වාර්තාව පිළිගත නොහැකි බව එක්‌සත් ජාතික පක්‌ෂය නියෝජනය කරමින් සහභාගි වූ ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පෙරේරා, සුජීව සේරසිංහ, හෙක්‌ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් පවසා තිබේ.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහ ජනතා විමුක්‌ති පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වූ මහින්දානන්ද අලුත්ගමගේ, ලක්‍ෂ්මන් සෙනෙවිරත්න, චන්ද්‍රසිරි ගජධීර, ප්‍රියන්කර ජයරත්න, ලසන්ත අලගියවන්න, වීරකුමාර දිසානායක, බිමල් රත්නායක, වෛද්‍ය නලින්ද ජයතිස්‌ස යන මන්ත්‍රීවරුන් වාර්තාව පිළිගෙන ඇත.

කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ

(21 දා) රැස්‌වූ කෝප් කමිටුව වෙත මෙම වාර්තාව ඉදිරිපත් කළේය.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top