අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිතයින් ජනපති හමුවෙයි

අතුරුදහන් වූවන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවුහ. එහිදි මඩකළපුව දිස්ත්‍රික්කයෙන් 600කට අධික පිරිසක් අතුරුදහන්වී ඇති බව ජනපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, ජාතික ඒකාබද්ධ හා සංහිදියා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යුද්දය පැවැති කාලයේදී මඩකළපුව දිස්ත්‍රික්කයෙහි සිඳුවූ අතුරුදන් කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය, නීතියට පටහැනි ලෙස සිඳුකළ ඝාතන සිද්ධීන් ගැන ජනපතිවරයා වෙත කරුණු පැහැදි කළ බව මඩකළපුව දිස්ත්‍රික්ක අතුරුදන්වූවන්ගේ සංගමයේ ක්‍රියාකරු එස්. අරියමලරි පැවැසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top