දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවනවර කියවීම අද

බදු ක්‍රමය සරල කරන ආයෝජකයන් හට විනිවිදභාවයෙන් යුතුව බදු සහන ලබාදෙන දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පත ප්‍රථම වතාවට ජූලි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර දෙවන වර කියවීමේ විවාදයෙන් පසුව තුන්වන වර කියවීමේ කාරක සභා සාකච්ඡාවද අද දිනයේදීම අවසන් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී නඩු කිහිපයක් පවරා තිබිණි. මේ අතරතුර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පනත සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් හා ආදායම් බදු ගෙවන අනෙකුත් පාර්ශවයන් සමඟ මෙම පනත සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top