ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස උපදෙස්

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් ගංගා සහ ජලාශ ආශ්‍රිත ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම් ද ඇති විය හැකි බව දැනුම් දී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, අයගම, කිරිඇල්ල සහ රත්නපුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයත් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, වළල්ලාවිට සහ අගලවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලත් නායයාම් ඇති විය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අගවා ඇත.

මේ අතර මහවැසි හේතුවෙන් ඇහැළියගොඩ ප‍්‍රදේශයේ අවදානම් කලාපවල සිටින වැසියන් වහාම එම කලාපවලින් ඉවත් වී ආරක්‍ෂක ස්ථාන වෙත ගමන් කළයුතු බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top